මාලිංගව විනාශ කල IPL, අකිල ධනංජය විනාශ කිරීමේ කුට උපක්‍රමයක සුල මුල හෙළිවෙයි…!

මෙම වසරේ අයි.පී.එල්. තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසිය පසුගිය පැවැති අතර එහිදී වඩාත්ම කතාබහට ලක්වූ සිදුවීමක් වූයේ අයි.පී.එල් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම වටිනාම ක්‍රීඩකයා ලෙසද නම් දරා තිබු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය.

මෙම සිදුවීම සමාජජාලා මාධ්‍ය තුලද දැඩි ලෙස කතාබහට ලක්ව තිබු අතර එහිදි ඇතැම් රසිකයන් අදහස් දක්වා තිබුනේ කොතරම් සේවයක් සිදු කළද දක්ෂතා අතර නැතිනම් ක‍්‍රිකට් මුදලාලිලාට ක‍්‍රීඩකයන්ගෙන් පළක් නොමැති බවත් එයට හේතුව පෙර දැක්වූ දස්කම්වලට මුදල් ගෙවා අවසන් වීමය.

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල්ට මුහුණ දීමට සිදුවූයේද ලසිත් මාලිංගට අත්වූ ඉරණමටම සමාන තත්ත්වයකටය. කෝටි 10කට ආසන්න වටිනාමක සිටි ක‍්‍රිස් ගේල්ට කෝටි දෙකක් හිමිවූයේද තෙවැනි වර වෙන්දේසියට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මෙවර ක‍්‍රීඩක වෙන්දේසියේදී ඇෆ්ගනිස්තාන් සහ නේපාල ක‍්‍රීඩකයන්ද අලෙවි වෙද්දී වර්තමානයේ දස්කම් අතර නැති ප‍්‍රබලයන්ට අයි.පී.එල්. සිහිනය අතහැර දැමීමට සිදු විය. මෙහි බරපතළ තත්ත්වය මෙය නොව මෙම ක‍්‍රීඩකයන් මුදලට ශක්තිය වැයකර පෞද්ගලික ලීග් තරගාවලිවලට සහභාගි වී ආබාධයන්ට ලක්වීම නිසා ජාතික කණ්ඩායමට සේවය සැපයීමට තිබූ අවස්ථාවන් රැසක් අහිමිවීමය.

ශ්‍රී ලංකා එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් දමේ වනවිට දිගටම ආබාධ ලැයිස්තුවට වැටී සිටියි. මැතිව්ස් අඛණ්ඩව අයි.පී.එල්. තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩකයකු වන අතර ඔහුගේ සේවය අවශ්‍යම අවස්ථාව වන වර්තමානයේ සේවය අහිමිවී තිබේ. මෙය ජාතික වස්තුවක් පිට රටකට විකිණීම බඳු තත්ත්වයක් ලෙසට සමාජජාලා වෙබ් අඩවි වල අදහස් පළව තිබුණි.

මෙවර අයි.පී.එල්. වෙන්දේසියට ඉදිරිපත් කළ ක‍්‍රීඩකයන් 578 ට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් 18 දෙනෙක් ඇතුළත්ව සිටියහ. ඒ අතරින් පිට දඟපන්දු යවන අකිල ධනංජය සහ වේගපන්දු යවන දුෂ්මන්ත චමීර ඉන්දීයන් රුපියල් ලක්‍ෂ 50 ට හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටියකට අධික මුදලකට අලෙවි වූහ.

ඒ අනුව අකිල ධනංජය, මුම්බායි ඉන්දියන්ස් පිලටද, දුෂ්මන්ත චමීර, රාජස්ථාන් රෝයල්ස් පිලටද, මෙවර අයි.පී.එල්. තරගාවලියේදී ක‍්‍රීඩා කිරීමට නියමිතය. අකිල ධණංජය ඉන්දියානු කණ්ඩායම දැඩි ලෙස අසරණ කළ පන්දු යවන්නෙකි. දෙරට අතර මින් පෙර පැවති තරගවලදි අකිලගේ පන්දු මිශ්‍රණය නිසිලෙස ග්‍රහනය කර ගැනීමට ඉන්දීය පිතිකරුවන්ට දැඩි උත්සාහයක් ගැනීමට සිදුවිය.

මෙලෙස අලෙවි වූ මෙම ක‍්‍රීඩකයන් අකිලට සහ චමීරට සිදුවන්නේ හැකි උපරිමයෙන් පුහුණුවීම් සඳහා පන්දු යැවීමට සිදුවේ. එහිදි ඉන්දීය ක්‍රීඩකයන්ට මෙතෙක් රහසක්ව පැවති අකිලගේ පන්දු මිශ්‍රණය තව දුරටත් රහසක් නොවනු ඇති බවට ඇතැම් ක්‍රීඩා විචාරකයන් ඉගි පළ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *