ශ්‍රී ලංකාව කරපු වැඩෙන ෆේස්බුක් ආයතනය තිගැස්සෙයි. බ්‍රිතානය පිටුවක් තහනමට. ලයික්ස් මිලියන දෙකයි.

එංගලන්තයේ නිල ෆේස්බුක් පිටුවක් වන “Britain First” නම් ෆේස්බුක් පිටුව ඊයේ (14) දිනයේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය තුලින් ඉවත් කර ඇත. එයට හේතුව ලෙස ෆේස්බුක් ආයතනය පවසන්නේ එම පිටුව විසින් ෆේස්බුක් වලට අදාලා නීති මාලා උල්ලංගනය කර ඇති බවයි.

මෙම මස මුලදී මෙම Britain First නම් ආයතනයේ අයිතිකරු හා සම අයිතිකරුව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එක්තරා ආගමකට කිසි ප්‍රමිතියකින් තොරව මඩ ගැසීම හා අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම හේතුවෙනි.

කෙසේ නමුත් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව වන “Britain First” නම් පිටුවද ෆේස්බුක් සමාජ මාධ්‍ය තුලින් ban කිරීමට හේතු වී ඇත්තේ, ජාතිවාදය පතුරවන පොස්ට් පල කිරීම හා ඔවුනට ලබා දුන් අවසාන අවවාදයයට පසුවද ඔවුන් එසේ පල කිරීම හේතුවෙන් මෙම පියවර ගත බවයි. එම අවස්තාව වන විටත් එම පිටුවේ ලයික්ස් මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් තිබිය.

\

පසු ගියදා මහනුවර ඇතිවූ සිද්ධියත් සමග ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් තහනම් කිරීමක් ලක් විය. එයට මුලික හේතු වුයේ ෆේස්බුක් හරහා ජාතිවාදය පැතිරී යන බැවින්, එයට විසඳුමක් දීමටය. කෙසේ නමුත් දැනට දින 9 ක් පුරාවට ශ්‍රී ලංකාවේ ෆේස්බුක් තහනමට ලක් වී තිබෙන අතර, මේ පිළිබඳව ෆේස්බුක් ආයතනය කිහිප වරක් ශ්‍රී ලංකාවේ ඉහල පෙලේ රාජ්‍ය නිලධාරීන් සමග දුරකථන හරහා සංවාදයේ යෙදුනත් එයට නිසි පිළිතුරක් ලැබුනේ නැත.

එම හේතුන් මත අද දිනයේදී ෆේස්බුක් ආයතනයේ නිලධාරීන් 4 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, ඔවුන් එහිදී රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනක් මුණ ගැසී ශ්‍රී ලංකාවේ ෆේස්බුක් තහනම ඉවත් කිරීමට ඔවුන්ගේ පැත්තෙන් විය යුතු කාරනා පිළිබඳව සාකච්චා කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන පිරිස මිලියන 6.6 කට ආසන්න වන අතර, ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නැති වුවහොත් එය ඔවුනට ලොකු බලපෑමක් ඇති නොකලත්, ඔවුන් අපේ රට හෑල්ලුවකට ලක් කර කතා කිරීමත්, එයට රජය සෘජුව සිටී තීරණ ගැනීමත්, ෆේස්බුක් තහනමට ලක් කිරීමත් සමග ඔවුන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට මුලික හේතු ලෙස දක්වයි. දැනටමත් ශ්‍රී ලංකාව තුල ජාතිවාදය පැතිරවූ ෆේස්බුක් පිටු කිහිපයක් තහනමට ලක් කර ඇත.

මෙම සිද්ධිය ගැන බොහෝ දෙනා විවේචනය කලත්, බ්‍රිතානයයෙද මේ නිතිය ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ නිල(verified) ෆේස්බුක් පිටුවක් එනම් ලයික් මිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් තියන පිටුවක් ෆේස්බුක් නීති මාලාවට අවනත නොවීම හේතුවෙන් ban වන අවස්තාවක අපේ රටේ එසේ මෑතකදී සිදුවුයේ නැත.

කෙසේ නමුත් පසුගියදා කල ෆේස්බුක් තහනමත් සමග ෆේස්බුක් ආයතනය විසින් ශ්‍රී ලංකාව තුලදීද මෙම නිතිය ක්රියාතමක් කිරීමට මුල පුරා ඇත. එය අප ලැබූ ලොකු ජයග්‍රහණයකි. මන්ද පසුගිය සමයේ සිදුවූ සිදුවීමත්, ඉන් පෙර ඇතිවී තිබු තත්වයත් සමග ෆේස්බුක් පැමිණීමද බොහෝ දෙනාට පිළිකුලක් වී තිබුනි. දැන්වත් මෙයට විස්නදුමක් ලැබීම සතුටට කරුණකි. බොහෝ දුරට හෙට දිනයේ සිට ශ්‍රී ලංකාවට සමනය පරිදි ෆේස්බුක් භාවිතයට ඉඩ ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *