Category: Foreign

ශ්‍රී ලංකාව කරපු වැඩෙන ෆේස්බුක් ආයතනය තිගැස්සෙයි. බ්‍රිතානය පිටුවක් තහනමට. ලයික්ස් මිලියන දෙකයි.

එංගලන්තයේ නිල ෆේස්බුක් පිටුවක් වන “Britain First” නම් ෆේස්බුක් පිටුව ඊයේ (14) දිනයේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය තුලින් ඉවත් කර ඇත. එයට හේතුව ලෙස ෆේස්බුක් ආයතනය පවසන්නේ එම පිටුව විසින් ෆේස්බුක් වලට අදාලා නීති මාලා උල්ලංගනය කර ඇති බවයි. මෙම මස මුලදී මෙම Britain First නම් ආයතනයේ අයිතිකරු හා සම අයිතිකරුව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු…

අපිට වඩා දුප්පත් රටක් වන ඉතියෝපියාවේ දුම්රිය සේවය මෙන්න

ඔබට හිතාගන්නවත් පුලුවන්ද මොකද්ද මේ රට කියලා. ටිකක් ඉන්ටර්නෙට් එකේ සැරිසරද්දී විස්තර ටික හොයා ගන්න පුලුවන් වෙයි. ඇත්තටම ඔව් අපි සමච්චලයට ලක් කරන රටක දුම්රිය සේවය තමයි මේ. අපි රටක් විදියට අපේ රටේ හැමෝම එක එක අය සහ දේවල් සමච්චලයට ලක්කරන්න හරිම ශුරයි. අපි කෑම බිම නැති අන්ත දිළිඳු රටක් විදියට හංවඩු ගහලා තියෙන ඉතියෝපියාවේ තමා මේ දියුණු දුම්රිය සේවය තියෙන්නේ.

ඇත්තටම අපේ රට කොතැනද කියලා තේරෙනවා පහලින් තියෙන වීඩියෝ ටික බැලුවහම,

https://youtu.be/IJE4yrzxdKY

අපි උදේට රැකියාවට එන්න බස් එකේ කෝච්චියේ කොච්චරනම් කට්ටක් කනවද කියලා හැමෝටම අත්දැකීම් තියෙනවා. අපි අපේ රට ගැන කොච්චර පම්පෝරි ගැහුවත් අපේ රටේ තියෙන දුම්රිය සේවය සහ මාර්ග පද්ධතිය කොච්චරනම් පරණද කියන එක කියන්න ඕන නැහැනේ. ලෝකයේ තාක්ෂනය කොයි තරම් ඉස්සරහට ගිහිල්ලද? අපේ දුම්රිය සේවයේ තවමත් තියෙන්නේ සුද්දා අපිට දීලා ගියපු තාක්ෂනය විතරයි. ඉන් එහාට අපි යන්නේ කවදාද???

රටම ණය කරන සුදු අලි ව්‍යාපෘති වෙනුවට බොහෝ පිරිසකට සේවාවක් සපයන දුම්රිය සේවය දියුණු කලොත් ඒක ලොකු පියවරක් වේවි. පසුගිය දවසක වාර්තා වුණා විදුලි දුම්රිය සේවයක් ආරම්භ කරන්න කටයුතු සුදානම් කියලා ඇත්තටම එම දුම්රිය සේවාව ඉදි වන තුරු රටක් විදියට අපේ බොහෝ පිරිසක් බලන් ඉන්නවා නොඅනුමානයි හේතුව දැන් තියෙන ප්‍රවාහන ක්‍රමය ජනතාවට තිත්ත වෙලා තියෙන නිසා.

ඉතියෝපියාවේ දුම්රිය සේවයේ පින්තුරු කිහිපයක් පහතින්,